1975 අංක 17 දරණ සමාඡ ශාලා බලපත්‍ර නිකුත් කිරීමේ නීතිය හා එයට කරන ලද සංශෝධන අනුව යම් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක පිහිටි සමාඡ ශාලා එම ප්‍රාදේශීය සභාවේ ලියාපදිංචි විය යුතුය.
ගාස්තුව
ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසීම් කල යුතුය.
බලපත්‍රය ලබා ගැනීම සදහා සැපයිය යුතු ලේඛන
සමාඡ ශාලාවේ සභාපතිවරයා විසින් අත්සන් තබන ලද එහි නීති හා නියාමනයන්ගේ ලැයිස්තුවක් සහ ඉල්ලුම් පත්‍රය සමග,
- අයදුම්කරුගේ නම
- අයදුම්කරුගේ ලිපිනය
- අයදුම්කරු සභාපති, ලේකම් හෝ කළමණාකරු යන තනතුරු වලින් කුමක් දරන්නේ ද යන්න
- සමාඡ ශාලාවේ නම
- සමාඡ ශාලාව පවත්වාගෙන යන ස්ථානයේ ලිපිනය
- සමාඡ ශාලාවෙ ක්‍රියාකාරකම්
- සභාපති, ලේකම්, හා භාණ්ඩාගාරික තනතුරු දරන්නන්ගේ නම්
- සාමාජික සංඛ්‍යාව
ඉහත සදහන් තොරතුරු ප්‍රාදේශීය සභාව වෙත සැපයිය යුතුය.
ඉන් පසුව සිදුකෙරෙන ඉදිරි පියවර පිළිබදව ප්‍රාදේශීය සභා කාර්යාලයෙන් විමසා දැන ගත හැකි වේ.