1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 149 වගන්තිය හා 1952 අංක 6 දරණ පළාත් පාලන ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථාව) පනත අනුව සකස් කල අතුරු ව්‍යවස්ථාවල සදහන් ව්‍යාපාර සදහා වෙළද බලපත්‍ර ලබා ගත යුතු වේ.
බලපත්‍ර ලබාගත යුතු වෙළද ව්‍යාපාර
|
|
මීට අමතරව 1952 අංක 6 දරණ පළාත් පාලන සම්මත අතුරු ව්‍යවස්ථා පනත අනුව අන්තරාදායක හා අප්‍රසන්න වෙළදාමට අමතරව සභාව විසින් වාර්ෂිකව පනවන ව්‍යාපාර සදහා ද වෙළද බලපත්‍ර ලබා ගත යුතුය.
මේ සදහා සභාව විසින් ලබා දෙන අයදුම් පත්‍රය සම්පූර්ණ කර ඉදිරිපත් කල යුතුයි.
ගාස්තුව
- රු. 1000.00 ක් හෝ ඊට අඩු මුදලක් (ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම මත) වෙළද බලපත්‍ර ගාස්තුව ලෙස අය කර ගනු ලබයි.
- වෙළද බලපත්‍ර හා කර්මාන්ත බදු අය නොකරන ව්‍යාපාර සදහා ව්‍යාපාර බද්දක් අය කරනු ලබයි.
පටිපාටිය
- ප්‍රාදේශීය සභා සීමාව තුල පිහිටි සියලුම වෙළද ව්‍යාපාරයන් වෙත අයදුම්පතක් ලබා දීම.
- සම්පූර්ණ කරන ලද අයදුම් පත්‍ර එකතු කිරීම.
- අයදුම්කරු සපයන ලද තොරතුරුවල වලංගුභාවය පරීක්ෂා කිරීම.
- මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය සදහා යොමු කිරීම.
- ක්ෂේත්‍ර නිරීක්ෂණයක් සිදු කිරීම.
- අඩුපාඩු නොමැති විට බලපත්‍රය සදහා නිර්දේශ කෙරේ.
- බලපත්‍ර ගාස්තු අය කර ගැනීමෙන් අනතුරුව බලපත්‍රය නිකුත් කෙරේ.
මහඡන සෞඛ්‍යය පරීක්ෂකගේ අනුමැතිය නොලැබුණු විට,
- අයදුම්පත්‍රයේ ඇති අඩුපාඩු සදහන් කරමින් අයදුම්කරු වෙත ලිපියක් එවනු ලැබේ.
- එකී අඩුපාඩු නිවැරදි කර ප්‍රාදේශීය සභාවට දැනුම් දිය යුතුය.
- නැවත සිදු කරනු ලබන ස්ථානීය පරීක්ෂණයකින් පසු ව්‍යාපාරය සියලු සෞඛ්‍යය නීති හා කොන්දේසි සපුරා ඇත්නම් අනුමැතිය ලබා දී බලපත්‍රය නිකුත් කිරීමට කටයුතු සලසනු ලබයි.
වෙළද බලපත්‍රයක් ලබා නොගන්නා විට
- වෙළද බලපත්‍රයක් ලබා ගන්නා ලෙස ව්‍යාපාරයේ හිමිකරුට අනතුරු අගවනු ලැබේ.
- දැන්වීම සිදු කොට දින 7 ක් ඇතුලත බලපත්‍ර ලබා නොගත්තේ නම් මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පවරනු ලැබිය හැක.
කර්මාන්ත බදු ගෙවීමේ පටිපාටිය
- නගර සභා සීමාව තුල පිහිටි සියලුම ව්‍යාපාරික ස්ථානයන් වෙත අයදුම් පත්‍රයක් නොමිලයේ ලබා දෙනු ලැබේ.
- අයදුම්පත් නැවත එකතු කර ගනු ලැබේ.
- වාර්ෂික වටිනාකම මත රු. 1000.00 දක්වා වූ බද්දක් අය කරනු ලැබේ.
- බදු ගෙවීමෙන් අනතුරුව ඒ සදහා වන රිසිට් පත ලබා ගත යුතුය.
මෙම බද්ද තීරණය කරනු ලබන්නේ,
- ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකම
- වෙළදාම
- රැස්වන ලාභය
- ව්‍යාපාර මගින් සපයනු ලබන නිෂ්පාදනයන්ගේ අත්‍යාවශ්‍යතා මට්ටම මතය.
වෙළද බදු නොගෙවීමේ දී
- ව්‍යාපාරයේ හිමිකරුට දැන්වීමක් නිකුත් කරනු ලැබේ.
- දැන්වීමට ප්‍රතිචාර දක්වමින් ගෙවීමක් සිදු නොකරන විට මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරිය හැක.
ව්‍යාපාර බදු ගෙවීම
වෙළද බලපත්‍ර හෝ කර්මාන්ත බදු නොගෙවිය යුතු ව්‍යාපාර සදහා ව්‍යාපාර බදු ගෙවිය යුතුයි.
1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152 වගන්තිය අනුව පසුගිය වසරේ ආදායම පදනම් කර ගෙන මෙම බද්ද නියම කෙරේ.
ආදායම | බද්ද |
රු. 6000.00 නොඉක්මවන විට | නැත |
රු. 6000.00 ඉක්මවන රු. 12000.00 ට අඩු | රු. 90.00 |
රු. 12000.00 ඉක්මවන රු. 18750.00 නොඉක්මවන | රු.180.00 |
රු. 18750.00 ඉක්මවන එහෙත් රු. 75000.00 නොඉක්මවන විට | රු. 360.00 |
රු. 75000.00 ඉක්මවන එහෙත් රු. 150000.00 නොඉක්මවන විට | රු. 1200.00 |
රු. 150000.00 ඉක්මවන විට | රු. 3000.00 |
අයදුම්පත සම්පූර්ණ කර කාර්යාලයට භාර දීමෙන් පසු බදු මුදල ගෙවිය හැක.