ප්‍රාදේශීය සභා පනතේ 119 වගන්තිය අනුව හා 1980.12.31 දින පළාත් පාලන කොමසාරිස් විසින් නිකුත් කරන ලද අංක 1980-46 දරණ චක්‍රලේඛය අනුව වෙළද කුටි ඉදිකර සේවයක් ලෙස මහඡනයාට බද්දට දීමට ප්‍රාදේශීය සභාවට බලය ඇත.
ගාස්තුව
- ප්‍රාදේශීය සභාව විසින් යෝඡනා සම්මතයක් මගින් තීරණය කරනු ලබන මුදලකට වෙළද කුටි ලබා දෙනු ලැබේ.
- තෝරාගනු ලබන අයදුම්කරුවන් මාස 3 ක වාරිකයන්ට සමාන මුදලක් ආරක්ෂිතයක් ලෙස තැම්පත් කල යුතුය.
- ප්‍රාදේශීය සභාව විසින් තීරණය කරනු ලබන ගාස්තුවකට ටෙන්ඩර් ලේඛන ලබා ගත හැක.
ඉල්ලුම් කිරීමේ පටිපාටිය
- පුවත්පත් දැන්වීමක් මගින් ප්‍රසිද්ධ කිරීම.
- ටෙන්ඩර් ලේඛන ගාස්තුව ගෙවීමෙන් පසු ටෙන්ඩර් අයදුම්පත් සභා කාර්යාලයෙන් ලබා ගැනීම.
- ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්පතුව ගෙවීම.
- ගාස්තුව හා නැවත ගෙවනු ලබන තැන්පතුව ගෙවූ බවට වන රිසිට්පත ද සමග ටෙන්ඩර් අයදුම්පත් ටෙන්ඩර් පෙට්ටියට දැමීම හෝ ලියාපදිංචි තැපෑලෙන් එවීම.
- වැඩිම ලංසුව ඉදිරිපත් කරනු ලබන අයදුම්කරුට වෙළද කුටි බද්දට ගැනීමේ අවස්ථාව ලැබේ.
- සාර්ථක අයදුම්කරුවන්ට ආරක්ෂක තැන්පතුව හා මූලික ගෙවීම සිදුකර විධිමත් ගිවිසුමකට පැමිණි පසු කඩ කාමර භාර ගත හැක.
- වෙළද බලපත්‍ර ලබා ගත් පසු වෙළද කටයුතු ආරම්භ කළ හැක.
වාරික ගෙවීම පැහැර හැරීමක දී,
- අවසන් දැන්වීම යැවීම.
- ගිවිසුම අවසන් කල පසු සන්තකය ආපසු ලබා ගැනීම සදහා නීතිමය කටයුතු ක්‍රියාත්මක කිරීමට අදාල ලේඛන පළාත් පාලන කොමසාරිස් වෙත යොමු කල යුතුය.
සන්තකය ආපසු පවරාගත් පසු,
- රඡයේ හෝ පළාත් පාලන ආයතනයේ මුදල් වියදම් කර පැරණි වෙළද කුටි වෙනුවට අලුතින් වෙළද කුටි ඉදි කරන අවස්ථාවක දී පැරණි වෙළද කුටි වල කුලී නිවැසියන් නව වෙළද කුටිවල කුලී නිවැසියන් ලෙස තෝරා ගනු ලැබේ.
- වාණිඡ බැංකුවකින් මුදල් ණයට ගෙන පැරණි වෙළද කුටි වෙනුවට අලුතින් වෙළද කුටි ඉදිකරන ලද අවස්ථාවක දී පැරණි මෙන්ම නව කුලී නිවැසියන් ද තෝරා ගනු ලැබේ.
- බදු ගැණුම්කරුගේ ඉල්ලීම හෝ ඔහුගේ මිය යාම හේතුවෙන් බද්ද ඔහුගේ / ඇයගේ බිරිද / සැමියා හෝ දුව / පුතා වෙතට මාරු කළ හැකි අතර, එවැන්නක් සිදු කිරීමට අවශ්‍ය වූ විටෙක ලේකම් වෙතින් ඉල්ලීමක් කළ යුතුය.