1946 අංක 12 දරණ විනෝද බදු ආඥා පනතට අනුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල සිදු කෙරෙන සියලු මහඡන සංදර්ශනයන් විනෝද බද්ද ගෙවීමට බැදී සිටී. මෙම බද්ද සියලු සංදර්ශනයන්ගේ ප්‍රවේශපත්‍ර තුල ඇතුලත් වන අතර ආගමික, අධ්‍යාපනික හා පුණ්‍ය කටයුතු සදහා වන දර්ශනයන් හැර සෙසු සියලු සංදර්ශනයන්ගෙන් මෙය අයකරගනු ලැබේ.
ගාස්තුව
- විනෝද බද්ද ලෙස අය කරනු ලබන්නේ ඇතුල්වීමේ ගාස්තුවෙන් 10%ක් සිනමා ශාලා සඳහාද 15%ක් සිනමා ශාලා නොවන විනෝද කටයුතු සඳහාද වන ලෙසය..
- මහඡන සංදර්ශනයන් පිළිබද වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් මෙය ප්‍රවේශපත්‍රයේ මිලට ඇතුලත් කරනු ලබයි.
පටිපාටිය
- ප්‍රාදේශීය සභා සභාපතිගේ මුද්‍රාව සියලුම ප්‍රවේශපත්‍ර වල යොදා තිබිය යුතුය.
- සිනමා ශාලා නොවන අනෙකුත් සංදර්ශනයන සදහා මෙම මුද්‍රාව තැබීමේ දී අදාල බදු මුදල් ප්‍රාදේශීය සභාව ගෙවිය යුතු වේ. මෙය ආරක්ෂණ මුදලක් ලෙස තබා ගන්නා අතර සංදර්ශනයනය අවසානයේ දී නොවිකුණූ ට්කට් පත් සදහා අයකර ගත් මුදල ආපසු ලබා දෙනු ලැබේ.
- මහඡන සංදර්ශනයනය පිළිබද වගකීම දරණ තැනැත්තා / තැනැත්තන් අලෙවි වූ ප්‍රවේශපත්‍ර පිළිබදව දෛනික වාර්තාවක් තබා ගත යුතුය.
- එක් එක් දර්ශනය සදහා අලෙවි වූ ටිකට්පත්‍ර සභාවේ ආදායම් පරීක්ෂක / ආදායම් පරිපාලක විසින් පරීක්ෂාවට ලක් කෙරේ.
- සිනමා දර්ශනය සදහා දෛනික වාර්තා අනුව අලෙවි වූ ටිකට් පත් සංඛ්‍යාව සලකා බලා ගෙවි යුතු ආදායමෙන් 10% ක බදු මුදල දෛනිකව අය කර ගනු ලැබේ.
- විනෝද බදු ගෙවීම පැහැර හැරියහොත් මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිය හැක.